හක්වටුනාව ප්‍රදේශයේදී වෙඩි වැදුණු වන අලි දෙදෙනාට කඩිනම් ප්‍රතිකාර

හක්වටුනාව ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටින වන අලි දෙදෙනෙකු පිළිබඳව වාර්තා වීමත් සමඟ, පරිසර අමාත්‍යවරයාගේ උපදෙස් මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් මැදිහත්වීමක් සිදුකර තිබේ.

ඒ අනුව, පශු වෛද්‍ය ඉසුරු මහතා ප්‍රමුඛ කණ්ඩායමක් අද (06) උදෑසන හක්වටුනාව ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති අතර, තුවාල ලැබූ වන අලි දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට කටයුතු කරමින් සිටී.

වනජීවීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම කඩිනමින් ගන්නා බව පරිසර අමාත්‍යාංශය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website