කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙ.ව 09.00 සිට ප.ව 05.00 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඒ සඳහා අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.













