සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (05) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනුකර තිබේ.
නීතිඥවරු මාර්ගයෙන් රාජපක්ෂ මහත්මිය මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ඉදිරිපත් කර ඇත.
සිරිලිය ගිනුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව සති දෙකක් ඇතුළත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන බවටරාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා දැනුම්දීමක් තිබුණේය.
මේ අතර අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.













