පසුගිය දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩ ක්රියාවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ජාතික රෝහල් පොලිසිය පැවසුවේය.
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඊයේ (13) සහ අද (14) අලුයම ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවත්, මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා අවුරුදු 25 සහ 39 වයස්වල පසුවන බවත් පොලිසිය පැවසීය.
තුවාල ලැබූ තවත් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය පැවසුවේය.















