වැලිවේරිය දෙස සිට බියගම දෙසට නව නුවර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් ඉදිරියෙන් විරුද්ධ දිශාවට නියමිත මංතීරුවේ පැමිණි කාර් රථයක ගැටී මාරක අනතුරක් සිදුව ඇත.
අදාළ ත්‍රී රෝද රථය ඉදිරියෙන් ගමන්ගත් තවත් ත්‍රී රෝද රථයක් හා තරඟකාරීව ධාවනය කර ඇති අතර ඉිරියෙන් ධාවනය වූ ත්‍රී රෝද රථය පසුකර යාමට උත්සහ කිරීමේදී එකිනෙක බඳ කොටසේ ගැටී පාලනයෙන් ගිලිහී කාර් රථයේ ගැටීම සිදුව තිබේ.
අනතුරින් කාර් රථයේ ගැටුනු ත්‍රී රෝද රථය පැදවූ 19 හැවිරිදි තරුණයා මියගොස්, පසුපස අසුනේ ගමන්කළ කාන්තාවක් තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කර ඇත.
තුවාල ලබා ඇති කාර් රථයේ රියදුරුද ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ත්‍රී රෝද රථය පාලනයෙන් ගිලිහීමට හේතු වූ තරඟකාරීව ධාවනය කළ අනෙක් ත්‍රී රෝද රථය අනතුර සිදුවූ ස්ථානයෙන් පළාගොස් ඇති අතර වැලිවේරිය පොලිස් ස්ථානය විමර්ශනයක් සිදුකර එම ත්‍රී රෝද රථයේ සැකකාර රියදුරු හා එහි පසුපස ගමන්ගත් පුද්ගලයෙකු එදිනම අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ව වැලිවේරිය පොලිස් ස්ථානය මගින් 2026.07.13 වන දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.














