නුගේගොඩ සුබද්‍රාරාම අතුල රජමහා විහාරස්ථානයේ මිහිඳු පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරයි

මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ සුබද්‍රාරාම අතුල රජමහා විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර අද (05) දින රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව ඇත.

පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී ගම්සභා හන්දියට ගමන් කර, හයිලෙවල් මාර්ගය ඔස්සේ දෙල්කඳ දෙල්කඳ හන්දිය දක්වා ගමන් කර පරණ කැස්බෑව මාර්ගය ඔස්සේ කට්ටිය හන්දිය හරහා නාවල වටරවුමෙන් වමට හැරී ස්ටැන්ලි තිලකරත්න මාර්ගය ඔස්සේ ගමන් කර ගුවන් පාලම අසලින් වමට හැරී නැවත හයිලෙවල් මාර්ගය ඔස්සේ ගම්සභා හන්දිය හරහා විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website