පුද්ගලයින් තිදෙනෙකුට පහර දීමේ සිද්ධියට සැකපිට නාගරික මන්ත්‍රී ඇතුළු තිදෙනක් අත්අඩංගුවට

පසුගිය 01 වැනි දින අනුරාධපුර පොසොන් පුරවර සැණකෙලි භූමියේ රථ ගාලක් තුළදී පුද්ගලයින් තිදෙනෙකු පහරදීමකට ලක්වූ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති අනුරාධපුර පොලිස් ස්ථානය එදින රාත්‍රියේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අනුරාධපුර පුබුදු පුර, අනුරාධපුර වන්නියන් කුලම සහ ලබියාව නාරත මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

රථවාහන ගාල්කිරීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් ගැටුමට හේතුවී ඇති අතර පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

අනුරාධපුර පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website