
නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා පොලිස් මූලස්ථානයට සපැමිණ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කාංචන බානගොඩ මහතා 2026.06.30 වන දින වයිස් අද්මිරාල් නිලයේ සිට අද්මිරාල් නිලයට උසස් කළ අතර, පොලිස්පතිවරයා සම්බන්ධව මෙහිදී කාංචන බානගොඩ මහතා වෙත සිය සුභාසිංශන පළ කලේය.
නාවික හමුදාපති වශයෙන් ඉටුකළ සේවය හා රාජකාරි සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි දැක්වූ සහයෝගීතාවය පොලිස්පතිවරයා මෙන්ම හමුවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් අගය කරන ලදී.
මෙම අවස්ථාව සිහිගන්වමින් පොලිස්පතිතුමන් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙත සමරු සහිවටනයක් පිළිගන්වන ලදී.
















