Qatar Airways දෝහා සහ කොළඹ අතර දෛනික ගුවන් ගමන් පහක් නැවත ආරම්භ කර ඇති අතර, එහි මෙහෙයුම් අද (01) සිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත.
මෙම පියවර මඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සතිපතා ගුවන් ගමන් 35ක් සහතික කෙරෙන අතර, එමඟින් ශ්‍රී ලංකාව සහ කටාර් අතර ගමන් කරන මගීන් සඳහා සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස වැඩි දියුණු වේ.
ගුවන් සමාගමේ පුළුල් කරන ලද කාලසටහන ව්‍යාපාරික සහ විවේක මගීන් සඳහා බාධාවකින් තොරව ගමන් විකල්ප ලබා දෙන අතරම, දකුණු ආසියානු ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ ස්ථානය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















