මාවනැල්ලේදී සහෝදරයෙකු කළ පහරදීමකින් 46 හැවිරිදි සහෝදරයා ජීවිතක්ෂයට

මාවනැල්ල පොලිස් වසමට අයත් කන්නහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව මාවනැල්ල පොලිස් ස්ථානය වාර්තා වේ. මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (29) රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වහාම විමර්ශන ආරම්භ කර තිබේ.

දැනට සිදු කරන ලද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු සහ ඔහුගේ සහෝදරයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. එහිදී සහෝදරයා විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා මෙම පුද්ගලයා මියගොස් ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කන්නහේන, අල්අතර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනය සිදුකළ සැකකාර සහෝදරයා මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website