පිළියන්දල පොලිස් වසමේ දොලේකනත්ත ඇරව්වල මාර්ගයේ මකුළුදූව ප්රදේශයේදී ඇරව්වල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ත්රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරුව විදුලි රැහැන් කණුවද ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ඇරව්වල දෙසට ගමන් ගත් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා පිළියන්දල රෝහලට ඇතුලත් කරන විටත් පැදිකරු මියගොස් සිට ඇත. පසුපැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා ඇත.
මරණකරු අවුරුදු 16 ක් වූ පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුරට සම්බන්ධ අනෙක් යතුරුපැදියේ පැදිකරු පලාගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















