සමාජ මාධ්‍යවල වයිරල් වූ මුගුරකින් පහරදී සුනඛයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩං

මාර්ගයක ගමන්ගන්නා සුනඛයෙකු මුගරකින් පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

මෙම සිද්ධිය 2025.08.07 වන දින වාද්දූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුපිටිය නම් ප්‍රදේශයේ සතොස වෙළඳසැල ඉදිරිපිට සිදුකළ සත්ව ඝාතනයකි. ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ පොතුපිටි පොලිස් ස්ථානය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු 2026.06.25 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත.

අධිකරණය විසින් එම සැකකරුවන් දෙදෙනා මීළග නඩු වාරය තෙක් ඇප මත මුදාහැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website