නීති විරෝධී ලෙස මෙරටට ආනයන කළ රුපියල් ලක්ෂ 483 ක් පමණ වටිනා ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (24) දින උදෑසන දුන්ගල්පිටිය පොලිස් වසමේ පිටිපන ලෙල්ලම ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් ක්‍රියාකර ඇත.
ලද තොරතුරක් අනුව වැටලීම සිදුකිරීමේදී අදාළ ඖෂධ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර නිසි අනුමැතියකින් හා තත්ත්ව පරීක්ෂාවකින් තොරව මුහුදු මාර්ගයෙන් මෙරටට ආනයනය කර ඇති ඖෂධ තොගයක් බව අනාවරණය වී තිබේ.
මෙම ඖෂධ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද යාත්‍රා 02 ක් සහ එම යාත්‍රා වල සැකකාර ස්කීපර්වරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 31 ත් 49 ත් අතර වයස්වල පසුවන මීගමුව සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර 2026.06.25 වන දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කරිරීමට නියමිතය.
දුන්ගල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
















