රුපියල් කෝටි 12ක් අල්ලස් ලබා ගත සැකකරුවන් අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

රුපියල් ලක්‍ෂ 5000ක (කෝටි 50) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල රුපියල් ලක්‍ෂ 2000 (කෝටි 20) දක්වා අඩුකර එයින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200 (කෝටි 12) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධවයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා යන අයගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහාත්. (ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්), ඉහත සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දිම සදහාත්, විමර්ශන කටයුතු වලින් සහ ඊට අදාල කටයුතු වලින් නිදහස් කර දීම සඳහාත්, අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී, ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් ලක්‍ෂ 5000 ක මුදලක් (කෝටි 50ක්) අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්‍ෂ 2000 ක් (කෝටි 20ක්) දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්‍ෂ 1200 ක මුදලක් (කෝටි 12ක්) අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ පුතෙකු වන නීතීඥ රඛිත නිර්මල රාජපක්‍ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන චරිත වසන්ත කුමාර අබේසිංහගේ යන අය සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරීයේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ වරයෙකු ලෙස කටයුුතු කල වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයවලුන් ඉහත චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2026.06.25 වන අද දින අත්අඩංගුවට ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website