ඊයේ (23) රාත්‍රී පුත්තලම පොලිස් වසමේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ පුත්තලම නගරය ආසන්නයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදිකයා පුත්තලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 64 ක් වූ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලොරි රථයේ රියැදුරුද තුවාල ලබා පුත්තලම රෝහලේ ප්‍රථිකාර ලබයි. පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර ඊයේ (23) උදෑසන කඩවත පොලිස් වසමේ කඩවත බස් නැවතුම්පල අසලදී බස් රථයක් බස් නැවතුම්පලට ධාවනය කිරීමේදී පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදික පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණකරු අවුරුදු 49 ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















