2026.06.17 වන දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ කාර් රථයක් තුළ තිබී වයස අවුරුදු 33 ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මෘත ශරීරය හමුවීම සම්බන්ධයෙන් සැකකෙරෙන, මරණකාරියගේ පෙම්වතා ලෙස හඳුනාගත් පුද්ගලයා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒ්කකය විසින් අද (24) දින අළුයම යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ බවට සැලකෙන කාන්තාවක්ද සැකකරු සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරු 43 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර සැකකාරියගේ වයස අවරුදු 35 කි . මොවුන් මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරු සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනයේදී ඔහුගේ පෙර වැරදි කිහිපයක් සම්බන්ධව අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.
• විවාහ වන බව පවසා රුපියල් 11,873,000/- ක මුදලක් වංචා කිරීම හා කාර් රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම හා වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
• විවාහ වන බව පවසා රුපියල් 1,721,000/- ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
• විවාහ වන බව පවසා රුපියල් 1,376,000/- ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
• විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 2,200,000/- ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සැකකරුට එරෙහිව අලුත්කඩේ, හොරණ හා කඩුවෙල යන ගරු මහෙස්ත්‍රාත් අධිකරණවල පවරන ලද නඩු 04 ක් විභාග වෙමින් පවතී.
• විදේශ ගත කරන බවට පවසා රුපියල් 4,200,000/- ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී
සැකකරු හා සිද්ධිය සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.














