අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී මේ ආණ්ඩුව සහ පෙර ආණ්ඩු අතර වෙනසක් නැහැ –  ජෝසප් ස්ටාලින්

අද (11) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසුවේ රට පුරා පාසල්වලට බලපාන තීරණ ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් මට්ටමේ ව්‍යුහාත්මක කමිටු පත් කර ඇති බවත් මෙම කමිටු පිහිටුවීමේදී දේශපාලනඥයින් බලපෑම් කර ඇති බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අලුත පාසල්වලට දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වූ බවත්, උත්සව අවස්ථා සඳහා දේශපාලනඥයින් පාසල්වලට පැමිණීමෙන් වැළකී සිටි බවත් ඔහු පැවසුවේය.

“අද ඒ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. වෙනසක් පොරොන්දු වෙමින් වත්මන් රජය බලයට පත් වූ නමුත් අද අප දකින දේ පෙර ආණ්ඩු යටතේ සිදු වූ දෙයට වඩා වෙනස් නැහැ” ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website