මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ.
එමෙන්ම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත පහත නම් සඳහන් අධිකරණ සේවා නිලධාරීන් තිදෙනා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (23) දින පත් කිරීමට නියමිතය.
01. පෙරුමාල් සිවකුමාර් මහතා
02. ආනන්දි කනගරත්නම් මෙනෙවිය
03. ඤාණේස ලලිත් කන්නන්ගර මහතා












