උපාධිධාරීන්ගේ රැකියා ගැටලු ගැන විපක්ෂ නායකගෙන් රජයට බරපතළ චෝදනාවක්

වත්මන් රජය පසුගිය මැතිවරණ තුන තුළ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් දිස්ත්‍රික් මට්ටමින් ඇති කර ඔවුන්ට මැතිවරණයෙන් පසු රැකියා ලබා දෙන බව පවසමින් පොරොන්දු පත්‍රිකා ද ඉදිරිපත් කරන ලද නමුත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඒ පොරොන්දු ඉටු නොවු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට චෝදනා කළේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

තවත් මාසයකින් වගේ 2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කිරීමට නියමිත බැවින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතු බව කී විපක්ෂ නායකවරයා  මේ සම්බන්ධයෙන් රජය සතුව සංඛ්‍යා ලේඛන පැවැතිය යුතු බව ද මෙහි දී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website