22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලද නමුත් විපක්ෂය අදටත් විශ්වාස කරන්නේ මේ සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අවධාරණය කළේය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ප්රජාතන්ත්ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක් නිසා මේ තුළින් ගරු අධිකරණයේ ස්වාධීනත්වයට සේම යුක්තිය පසිදලීමේ යාන්ත්රණයට ද මරු පහරක් එල්ල වන නිසා මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව අද දින ලබා දෙනු ඇති බවත් මෙම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා ගැනීම අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ඊට අමතරව ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සේම රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දෙන ගැටලු ද මෙහි දී පෙන්වා දීමට ඔහු කටයුතු කළේය.












