ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකරමින් නොපමාවම අහෝසි කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.
එම ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් බලාත්මක කරවමින් සිටින ශ්‍රී ලංකාව ලෝකයට ලබා දෙමින් තිබෙන පණ්විඩය වි ඇත්තේ අප ශිෂ්ඨ සම්පන්න ලෝකය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානමක් නොමැති බව ය. . එහි ඇති ආදීනව පුන පුනා ප්‍රකාශ කර ඇති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් පමා නො කර මෙම මර්දනකාරී නීතිය අහෝසි කිරීමට කටයුතු කරන ලෙසට ය.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.
මාධ්‍ය නිවේදනය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකරමින් නොපමාවම අහෝසි කළ යුතු ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් බලාත්මක කරවමින් සිටින ශ්‍රී ලංකාව ලෝකයට ලබාදෙමින් තිබෙන පණ්විඩය වි ඇත්තේ අප ශිෂ්ඨ සම්පන්න ලෝකය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානමක් නොමැති බව ය. එහි ඇති ආදීනව පුන පුනා ප්‍රකාශ කර ඇති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් පමා නොකර මෙම මර්දනකාරී නීතිය අහෝසි කිරීමට කටයුතු කරන ලෙසට ය.
රටක් ලෙස ශ්‍රී ලංකාව බරපතල ත්‍රස්තවාදි තර්ජනයකට නතුව තිබූ අවස්ථාවක තාවකාලීකව පනවන ලද නිතීයක් සාමකාමී පරිසරයක් සහතික කර තිබියදි ද යාවත්කාලීන කරමින් සිටීම සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහසට එල්ල කරන්නා වූ බලවත් තර්ජනයක් ලෙස සැලකිය හැකිය. පසුගිය කාලය පුරා බලයට පත්ව සිටි සෑම රජයක් මෙන්ම වර්තමාන පාලනයද එය අවභාවිත කරමින් සිටීම අතිශයින්ම කණගාටුදායක ය.
මෙම අයහපත් තත්ත්වය බාහිර ලෝකය ශ්‍රි ලංකාව කෙරෙහි අයහපත් ආකාරයෙන් කටයුතු කිරීමට හේතුවක් කරගත හැකි අතර GSP+ වැනි බදු සහන පවා ඉදිරියේදි අවදානමකට ලක් විය හැකි ය. එබැවින් රටේ සමස්ත පුරවැසියන්ට ම අහිතකර ප්‍රතිවිපාක අත්විදිමට හේතුවක් විය හැකි තත්ත්වයක් නිර්මාණය කරමින් ජනතාව මර්ධනය කරන උපකරණයක් ලෙස ත්‍රස්තවාදය වැලැක්විමේ පනත තවදුරටත් බලාත්මක කිරීම කිසිසේත් ම එකඟ විය නොහැකි තත්ත්වයක් බව සාදාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අදහස ය.
එබැවින් අප ගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජයෙන් ඉතාමත් ඔීනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ තවදුරටත් ප්‍රමාද නෙකර රජය රට හමුවේ පොරොන්දු වී ඇති ආකාරයටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු තරන ලෙසට ය. එමෙන් ම ඒ් සඳහා ක්‍රියාත්මක වීම සඳහා කටයුතු කරන ඉතා කෙටි කාලය තුළ පවා එකී නීතිය අවභාවිතා නොකරන ලෙසට ය.
සුනිල් ජයසේකර, මහලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය – 2026.06.11













