වත්මන් රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමට ගෙන ඇති පියවර අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඇතුළු අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්ව රැසක් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට සිය මතය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් උපරිමාධිකරණය විනිසුරු ධුර 8ක් දැනටමත් පුරප්පාඩු වී ඇති පසුබිමක රජය එම පුරප්පාඩු සම්පූර්ණ නොකර මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් අද (11)පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
ක්රමයේ වෙනසක් සිදු කිරීමට පැමිණි වත්මන් රජය අධිකරණ කටයුතුවලට ඇගිලි ගැසීම වැරදි පූර්වාදර්ශයක් බව මෙහි දී රජයට පැහැදිලි කර සිටියේය.








