සමාජ මාධ්‍යයේ සංසරණය වන කුලී රථ රියදුරෙකු කොල්ලකෑමට අදාළ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

පසුගිය 31 වැනි දින වැලිකඩ පොලිස් වසමේදී කුලී කාර් රථ රියදුරෙකු බිය ගන්වා රුපියල් 38,500 ක මුදලක් කොල්ලකෑමට අදාලව සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) දින බොරැල්ල ගෝතමීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් වයස අවුරුදු 24ක් වන ගෝතමී පාර බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 600ක් සහ ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 360ක් සොයා ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු අනුව මොවුන් විසින් පහත සඳහන් අපරාධ සිදුකර ඇත.

  • 2026.05.29 දින රාජගිරිය දෙස සිට කලපලුවාව දෙසට ගමන් ගත් කුලී මෝටර් රථයකට ගොඩවී ඒම රියදුරුගේ රු.80,000 ක පමණ මුදලක් කොල්ලකා ඇත.
  • 2026.05.29 දින කලපලුවාව දෙස සිට ඔබේසේකරපුර දෙසට තවත් මෝටර් රථයකින් පැමිණ එම රියදුරුගේ රු. 40,000 මුදලක්, මාලයක් සහ බ්ලූටූත් හෑඩ්ස් ෆ්‍රී දෙකක් කොල්ලකා ඇත.
  • 2026.05.07 බොරැල්ල ගෝතමීපුර ප්‍රදේශයේදී කුලී ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් රු.3,000 ක මුදලක් හා ජංගම දුරකතනයක් කොල්ල කා ඇත.
  • මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මීට පෙර රු.5,500 ක මුදලක් සහ ජංගම දුරකතනයක් සොරා ගැනීමක් සම්බන්ධව බොරැල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකරුවෙකු වේ.

තවද, මෙම කොල්ලකෑම සිදුකිරීම සඳහා පැමිණි අනෙක් සැකකරු 2026.05.31 දින වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අපරාධය සම්බන්ධව බොරුල්ල සහ වැලිකඩ පොලිස් ස්තානයන් මගින් වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website