2026.05.12 වන දින උදෑසන ගාල්ල දංගෙදර ප්රදේශයේ සුපරි වෙළඳසැලක් ආසන්නයේදී 44 හැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 37 හා 46 වයසේ පසුවන වරකාපොල හා මල්කඩුවාව ප්රදේශවල පදිංචිකරුවන්ය.
විමර්ශන අනුව වෙඩි තැබීම සඳහා නාදුනන පුද්ගලයින් තිදෙනෙකු කාර් රථයකින් පැමිණ ඇති බව ආනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සියළු සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන ක්රියාත්මකයි.
















