2026.02.16 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළදසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධයට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරමින් පවතී.
මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද කාර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කල පහත සඳහන් තොරතුරු ඇතුලත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර සැකකරුගේ විස්තර පහත පරිදි වේ.
සැකකරුගේ විස්තර
නම :- කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ
ලිපිනය :- වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව
ජා.හැ.අංකය :- 199714103549
මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක –
අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා – 071 – 8592279
අපරාධ කොට්ඨාසය
ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා – 071 – 8596065
අපරාධ කොට්ඨාසය















