දුම්රිය මාර්ග අසල සැක සහිත ලෙස සහ ආයුධ සහිත සැරිසරන්නන් නොපමාව 119 දැනුම් දෙන්න – පොලිසියෙන් ඉල්ලීමක්

2026.05.16 වන දින අළුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියක් උදෑසන 05.20 ට පමණ වනවාසල දුම්රිය ස්ථානයේ සිට මීටර් 150 ක් පමණ කොළඹ දෙසට පැමිණ පීලි පැනීමකට ලක්ව පෙරලීමෙන් තුවාල ලැබූ දස දෙනෙකු රෝහල්ගත කෙරුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් ඉදිරිපත්කළ පැමිණිල්ලකට අනුව දුම්රිය මාර්ගය තවත් දුම්රිය මාර්ගයකට සම්බන්ධ වන ස්ථානයකදී දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවත්, පීලි පැනීම රේල්පීලි සම්බන්ධවන යකඩ බාර් ගලවා තබීම නිසාවෙන් සිදුව ඇති බවත් අනාවරණය වීමෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භකර ඇත.

එමගින් පෑලියගොඩ අපරාධ විමර්ශන අංශය හෙලිදරව්කරගත් තොරතුරක් මත දුම්රිය අනතුරට හේතුවූ බව සැකකරන යකඩ කොටස් ගැලවීම සිදුකළ වනවාසල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සොරාගත් යකඩ කොටස් හා ඇණ මිලදීගත් සැකකරුවෙකු ලෙස වයස අවුරුචු 31 ක් වන මඩොල්සිම ඩුමාවත්ත ප්‍රදේශයේ සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට විමර්ශක නිලධාරීන් ක්‍රියාකර ඇත.

ත්‍රීරෝද රථයක්, යකඩ බාර් සහ යකඩ ඇණ ප්‍රමාණක්, ගැලවීම සඳහා භාවිතාකර ඇති බවට සැකකරන උපකරණ 03 ක් ඇතුළු භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 2026.05.17 වන දින කොළඹ ගරු මහේස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website