ළඳරු වයසින්ම දැරියන් මව්වරුන් බවට පත්වීම (බාලවයස්කාර ගැබ්ගැනීම්) වර්තමානයේ සමාජයේ නිරතුරුවම ශ්‍රි ලංකාව තුළ නිරීක්ෂණය වෙමින් පවතී. මේ පිළිබඳව දරුවන් සේම දෙමාපියන් ද එකසේ දැනුවත් කිරීම හා දැනුවත් වීම ඉතා කාලෝචිත බව පෙනී යයි.
මෙම තත්ත්වයට සෘජුවම බලපාන ප්‍රධානතම සමාජ විද්‍යාත්මක ගැටලුව “පවුල තුළින් ගිලිහී යන සෙනෙහස” ලෙසට පෙන්වා දිය හැකිය. මෙම තත්ත්වය පිළිබඳව දෙමාපියන් මෙන්ම වැඩිහිටියන් ද මීට වඩා ගැඹුරින් අවධානයට ලක් කළ යුතුව ඇත.
මව්පියන්ගේ අධික කාර්ය බහුලත්වය තුළ තම දියණියන්ගේ දෛනික චර්යාවන් හා ඇයගේ රුචිඅරුචිකම් වටහා ගැනීමට හෝ ඒවා කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීමට කාලය වෙන් නොවීම මත මව පියා හෝ භාරකරුගෙන් නොලැබෙන ආදරය , දයාව, කරුණාව බාහිර තැනැත්තෙකු මඟින් පියවා ගැනීමට දැරිය පෙළඹීම තුළින් මෙම තත්ත්වයට දැරියන් මුහුණ දෙන බවට වර්තමානයේ පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලි අනුව නිරීක්ෂණය වේ.
මෙවැනි අනිසි ළදරු ගැබ් ගැනීම් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඔවුන්ගේ ළමා කාලය අවාසනාවන්ත ලෙස ඔවුන්ට අහිමි වී අනාගත බලාපොරොත්තු බිඳ වැටී යයි.
මෙසේ, දැරිය දෙමාපියන්ගෙන් දුරස්වීම හරහා තම හොඳම මිතුරා ලෙස දෙවනුව ඔවුන් විසින්ම “ජංගම දුරකථනය” තෝරා ගනී.
මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් තම දැරියන් මුදවා ගැනීම හා ඊට ප්‍රවේශ වීම වළක්වා ගැනීම සඳහා දෙමාපියන් හා වැඩිහිටියන් ලෙස පහත කරුණු කෙරෙහි අවධානය යොමු කර කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
- දැරියට මුහුණ පෑමට සිදුවන ඕනෑම ගැටළුවක් හෝ යමකු විසින් කරන ලද අනිසි යෝජනාවක් පිළිබඳව කිසිදු බියකින් තොරව තම දෙමාපියන්ට පැවසිය හැකි පරිසරයක් ඇයට උදාකර දීම.
- සෑම විටම ආදරය, දයාව සෙනෙහස වෙත නොඅඩුව ලබා දීම.
- නවීන තාක්ෂණය තුළින් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී ඇය විසින් පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා කා සමඟින් සිදු කරන්නේද යන්න පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම.
- දැරියගේ යම් හදිසි චර්යාත්මක වෙනස්කම්, අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව අඩුවීම, නිරතුරුවම ජංගම දුරකථනය හා අන්තර්ජාලයේ සැරිසැරීම, හුදකලා වී රහස්‍යභාවය රැකීමට උත්සාහ කිරීමක් නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා උපදේශයන් හෝ සුහඳ පිළිසඳරක් සඳහා කාලය ගත කිරීම.
මව්පිය රැකවරණය යටතේ වුවද දැරියන් වශයෙන් මෙවැනි අපරාධ වලට ගොදුරුවීමෙන් වැළැකීමට පහත සඳහන් උපදෙස් කෙරෙහි දැරියන් තම අවධානය යොමු කිරීම ද ඉතා වැදගත් වේ.
- සමාජ මාධ්‍ය භාවිතයේදී බුද්ධිමත් විය යුතු අතර ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රෑම් (Instagram) හෝ වට්ස්ඇප් (WhatsApp) හරහා හඳුනාගන්නා ආගන්තුක පුද්ගලයන් කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු අතර තමන්ගේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ පට හුවමාරු කරගැනීමෙන් වැළැකීම.
- දැරියක වශයෙන් තමා මුහුණ දෙන ඕනෑම ගැටලුවක් හෝ කරදරයකදී නැතහොත් යම්, බියක් හෝ සැකයක් දැනෙන සෑම අවස්ථාවකදීම එය නොසඟවා වහාම ඔබේ මව්පියන්ට, පාසලේ විදුහල්පතිතුමාට/විදුහල්පතිතුමියට, ගුරුතුමියකට හෝ සමීපතම විශ්වාසවන්ත වැඩිහිටියකුට ඒ පිළිබඳ දැනුම්දීම.
ඉහත කරුණු සම්බන්ධව නිරන්තර අවධානය යොමු කර කටයුතු කිරීම තුළින් සිදු විය හැකි අපරාධ වළක්වා ගැනීමටත් අනිසි ළමා ගැබ්ගැනීම් වලින් වැළකීමටත් හැකියාව ඇති අතර මෙවැනි යම් අනතුරක්, අපයෝජනයක් හෝ බලපෑමකදී වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119, 118, 109, 107 යන පොලිසියේ ක්ෂණික දුරකතන අංක මෙසේ, දැරිය දෙමාපියන්ගෙන් දුරස්වීම හරහා තම හොඳම මිතුරා ලෙස දෙවනුව ඔවුන් විසින්ම “ජංගම දුරකථනය” තෝරා ගනී.
මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් තම දැරියන් මුදවා ගැනීම හා ඊට ප්‍රවේශ වීම වළක්වා ගැනීම සඳහා දෙමාපියන් හා වැඩිහිටියන් ලෙස පහත කරුණු කෙරෙහි අවධානය යොමු කර කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
- දැරියට මුහුණ පෑමට සිදුවන ඕනෑම ගැටළුවක් හෝ යමකු විසින් කරන ලද අනිසි යෝජනාවක් පිළිබඳව කිසිදු බියකින් තොරව තම දෙමාපියන්ට පැවසිය හැකි පරිසරයක් ඇයට උදාකර දීම.
- සෑම විටම ආදරය, දයාව සෙනෙහස වෙත නොඅඩුව ලබා දීම.
- නවීන තාක්ෂණය තුළින් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී ඇය විසින් පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා කා සමඟින් සිදු කරන්නේද යන්න පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම.
- දැරියගේ යම් හදිසි චර්යාත්මක වෙනස්කම්, අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව අඩුවීම, නිරතුරුවම ජංගම දුරකථනය හා අන්තර්ජාලයේ සැරිසැරීම, හුදකලා වී රහස්‍යභාවය රැකීමට උත්සාහ කිරීමක් නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා උපදේශයන් හෝ සුහඳ පිළිසඳරක් සඳහා කාලය ගත කිරීම.
මව්පිය රැකවරණය යටතේ වුවද දැරියන් වශයෙන් මෙවැනි අපරාධ වලට ගොදුරුවීමෙන් වැළැකීමට පහත සඳහන් උපදෙස් කෙරෙහි දැරියන් තම අවධානය යොමු කිරීම ද ඉතා වැදගත් වේ.
- සමාජ මාධ්‍ය භාවිතයේදී බුද්ධිමත් විය යුතු අතර ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රෑම් (Instagram) හෝ වට්ස්ඇප් (WhatsApp) හරහා හඳුනාගන්නා ආගන්තුක පුද්ගලයන් කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු අතර තමන්ගේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ පට හුවමාරු කරගැනීමෙන් වැළැකීම.
- දැරියක වශයෙන් තමා මුහුණ දෙන ඕනෑම ගැටලුවක් හෝ කරදරයකදී නැතහොත් යම්, බියක් හෝ සැකයක් දැනෙන සෑම අවස්ථාවකදීම එය නොසඟවා වහාම ඔබේ මව්පියන්ට, පාසලේ විදුහල්පතිතුමාට/විදුහල්පතිතුමියට, ගුරුතුමියකට හෝ සමීපතම විශ්වාසවන්ත වැඩිහිටියකුට ඒ පිළිබඳ දැනුම්දීම.
ඉහත කරුණු සම්බන්ධව නිරන්තර අවධානය යොමු කර කටයුතු කිරීම තුළින් සිදු විය හැකි අපරාධ වළක්වා ගැනීමටත් අනිසි ළමා ගැබ්ගැනීම් වලින් වැළකීමටත් හැකියාව ඇති අතර මෙවැනි යම් අනතුරක්, අපයෝජනයක් හෝ බලපෑමකදී වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119, 118, 109, 107 යන පොලිසියේ ක්ෂණික දුරකතන අංක වෙත දැනුම් දෙන්න
source:https://web.facebook.com/photo?fbid=1422113653273826&set=a.667652685386597