ව්‍යාජ හැඳුනුම්පත් සමග විදේශ රැකියා වංචාකරුවෙකු යක්කලදී කොටුවේ

යක්කල පොලිස් වසමට අයත් බැළුම්මහර ප්‍රදේශයේදී පසුගිය ඊයේ (25) දින රාත්‍රී කාලයේදී සිදුකළ විශේෂ වැටලීමකදී ව්‍යාජ පුද්ගල හැඳුනුම්පතක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසිය සමත් විය. පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ වංචාකරුවෙකු බවයි. මෙම මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් මොහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙකු බව ද පොලිසිය පවසයි.

නීතියෙන් බේරී සැඟවී සිටීම සඳහා මෙලෙස ව්‍යාජ අනන්‍යතා පත්‍ර සකස් කරගෙන සිටි මෙම සැකකරු සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website