පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 07 ක් ගතවීම හේතුවෙන් හෙට (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පවත්වනු ලබන විශේෂ දේව මෙහෙයකට අදාලව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
එම රථ වාහන සැලැස්මට අනුව හෙට දින උදෑසන 0700 සිට දේව මෙහෙය අවසන් වන තෙක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීම් සිදු කිරීමට කටයුතු කරනු ඇත.













