අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂ මෙහෙයුමක් – තොරතුරු දෙන්න දුරකථන අංකත් නිකුත් කරයි

මහජනතාවට ආරක්ෂිත සහ සාමකාමී පරිසරයක් සහතික කිරීම සඳහා අලුත් අවුරුදු සමය සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම මෙහෙයුම දියත්කර ඇත.

මෙය ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව මෙහෙයවනු ලබන අතර මෙහෙයුමේ කොටසක් ලෙස, නිවාඩු කාලය තුළ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන් සමීපව නිරීක්ෂණය කරමින් දිවයින පුරා ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කරනු ලැබේ.

මෙම මෙහෙයුමට සහාය වීම සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ මෙහෙයුම් කාමරයක් ස්ථාපිත කර ඇති අතර මෙම පහසුකම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් විසින් සම්බන්ධීකරණය කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

මහජනතාවට පහත දුරකථන අංක හරහා මෙහෙයුම් කාමරය සම්බන්ධ කර ගත හැකි බව ද ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි.

  • 011-2013051
  • 011-2027148
  • 011-2027149
  • 011-2430912

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website