‘162 වන පොලිස් විරු දිනය’ අදයි

1866 සැප්තැම්බර් 03 වන දින ප්‍රථම පොලිස්පති, සුදු ජාතික ජී.ඩබ්ලිව්.ආර්.කැම්බල් මහතාගෙන් ලාංකීය පොලිසිය ව්‍යවස්ථාපිතව ආරම්භවිය.

ඉන් පෙර 1602 ලන්දේසි පාලන සමයේදී කොළඹ ප්‍රදේශය පාලනය කිරීම සඳහා දිසාවේ කෙනෙක් පත්කිරීම, 1806 දී පොලිස් විදානේ කෙනෙක් පත්වීම, පොලිස් විදානේ නාමය 1815 දී පොලිස් කොස්තාපල් ලෙස වෙනස් වීම මෙරට පොලිස් රාජකාරි ක්‍රමිකව ආරම්භ වීමට මුල් වී තිබේ.

1832 දි සර් රොබට් නෝටන් ආණ්ඩුකාරවරයා පත්කරන ලද කමිටුවෙන් 1832 අංක 03 දරණ පොලිස් ආඥාපනත බිහිවූ අතර මෙම අවධියේ පොලිස් අධිකාරිවරයෙකු යටතේ 1430 පමණ නිලධාරින් පිරිසක් පොලිස් හමුදාවක් ලෙස රාජකාරි කර ඇත.

එවක අපේ රට පාලනය කළ විදේශීය ජාතිකයින් පණවා තිබු නීතින්ට පටහැනිව කටයුතු කළ උතුවන්කන්දේ සරදියල් අත් අඩංගුවට ගැනීමට කෑගල්ල මහ දිසාපතිවරයා වන ඊ. ආර්. සෝන්ඩස් ගේ නියෝගයක් අනුව රාජකාරි කළ පොලිස් කොස්තාපල් සභාන් නැමැති නිලධාරියා සරදියෙල් සමඟ ගැටුමේදී මිය ගිය 1864 මාර්තු මස 21 වන දිනය අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා පොලිසිය සෑම මාර්තු මස 21 වන දිනකම පොලිස් විරු දිනය පවත්වයි.

එම සිදුවීම නිල ඇදුම් ඇද සිටි පොලිස් නිලධාරියකු වික්‍රමාන්විත රාජකාරියේදී මිය ගිය බව මාවනැල්ල උතුවන්කන්ද මංසන්දියේ ස්මාරකයක සටහන් කර තිබීම මෙරට පොලිස් විරුවකු සිහිගැන්වීම සඳහා තිබෙන පැරණිතම මුලාශ්‍රයයි.

ඉන් අනතුරුව මේ දක්වා වසර 30කට ආසන්න කාලයක් ඇවිලුනු උතුරු නැගෙනහිර යුධ සමයේදී මෙන්ම මෙරට සාමය හා මහජන ආරක්ෂාවට අභියෝගාත්මක වූ සෑම අවස්ථාවකදීම නිර්භීත පොලිස් විරුවෙකු ලෙස දිවි පිදූ පොලිස් නිලධයන්, පොලිස් රාජකාරි අතුරතුර අනපේක්ෂිත ලෙස මිය ගිය නිලධරයන් ගෞරවයෙන් සිහිපත් කරමින් අද (21) අප 162 වන විරු දිනය අනුස්මරණය කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website