පොලිස් අන්තර් කොට්ඨාස නෙට්බෝල් තරගාවලියේ ජය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කණ්ඩායමට

2026 පොලිස් අන්තර් කොට්ඨාස නෙට්බෝල් තරගාවලිය පසුගිය දා (17) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාපිටියේදී ආරම්භ විය. තරගාවලිය සඳහා පොලිස් කොට්ඨාස 16ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගි විය.

එම කණ්ඩායම් 16 අතුරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කණ්ඩායම සහ කුරුණෑගල කොට්ඨාස කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. දින 03ක් පුරාවට පැවති මෙම නෙට්බෝල් තරගාවලියේ අවසන් මහා තරගය 2026.02.19 දින සවස බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණෙය්දී ආරම්භ වූ අතර එහි ශූරතාවය දිනා ගැනීමට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කණ්ඩායම සමත් විය. පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානයන් කුරුණෑගල කොට්ඨාස කණ්ඩායම සහ බදුල්ල කොට්ඨාස කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී නිල්මිණී සමරතුංග මහත්මිය සහභාගි වූ අතර වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගි විය.

තරගාවලියේ දක්ෂතම නැගී එන ක්‍රීඩිකාව ලෙස බදුල්ල කොට්ඨාස කණ්ඩායමේ කා.පො.කො 12073 චාන්දනී කාරියවසම්, දක්ෂතම මැදපෙල ක්‍රීඩිකාව ලෙස කුරුණෑගල කොට්ඨාස කණ්ඩායමේ කා.පො.කො 10895 ඉෂානි වික්‍රමරත්න, දක්ෂතම පන්දු රකින්නිය ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කණ්ඩායමේ කා.පො.සැ 6105 විරාජි කාමරිකා, දක්ෂතම පන්දු විදින්නිය ලෙස කුරුණෑගල කොට්ඨාස කණ්ඩායමේ කා.පො.සැ 5645 ඒ.එම්.එස් අධිකාරී, නෙට්බෝල් රැජින ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කණ්ඩායමේ කා.පො.සැ 4681 පබා උමයංගනා යන නිලධාරිණියන් තේරී පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website