කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඊයේ (19) උදෑසන මෙම අපරාධයට යොදා ගත් යතුරුපැදියේ වර්ණය වෙනස් කර සන්තකයේ තබා ගනිමින් හා ගිනි අවිය ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 18 හා 27 වයස්වල පසුවන කළුතර උතුර හා බෝඹුවල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී අදාල යතුරුපැදියේ ගලවන ලද කොටස්, වර්ණය වෙනස් කිරීම සඳහා යොදා ගත් ද්‍රව්‍ය, ව්‍යාජ අංක තහඩු ජෝඩුවක්, ව්‍යාජ ආදායම් බලපත්‍රයක් ඇතුළු දේපල විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












