රථ වාහන ගමනාගමනයේ වේගය අවම කිරීම සඳහා මාර්ගය මත යොදා තිබූ බම්පරයක් ම තදී යතුරුපැදියකින් ඇද වැටුනු කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇත.
ඊයේ (18) සවස බණ්ඩාරවෙල පොලිස් වසමේ කොන්තහෙල මාර්ගයේ කොන්තහෙල විදුහල ඉදිරිපිට අනතුර සිදුව ඇති අතර මිය ගිය කාන්තාව ආරක්ෂිත හිස්වැස්මක්ද පැළඳ සිටි බව අනාවරණය වී තිබේ.
මරණකාරිය වයස අවුරුදු 42 ක් වූ බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචිකාරියකි. බණ්ඩාරවෙල පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.












