ශ්‍රීලනිපයේ අනාගතය තීරණය කරන නඩු තීන්දුව 17 වැනිදා – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය තීරණය කරන ඉතා වැදගත් නඩු තීන්දුවක් ලබන 17 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එය පක්ෂයේ ඉදිරි පියවර සඳහා මඟ පෙන්වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

නිදහස් පක්ෂය ගොඩනැගීමට නම් එහි නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව ද ඊයේ (06) කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර දෙක තුනක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පළාත් පාලන මැතිවරණයක් වේවා, පාර්ලිමේන්තු මැතිවරණයක් වේවා, ජනාධිපතිවරණයක් වේවා කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වී ඇති බවයි.

මැතිවරණ කොමිසම පක්ෂය අංශභාග තත්ත්වයකට පත් කර ඇති බවත් දැනට පක්ෂ කාර්යාලයේ සිටින අයට නීතිමය බලයක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

“බිම් මට්ටමේ සේවකයින් පක්ෂය නැවත පණ ගැන්වෙන තෙක් බලා සිටිනවා. මෙම තීන්දුව වසර 30ක් පමණ රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂයක ඉරණම තීරණය කරන බවට සැකයක් නැහැ. නමුත් අධිකරණය කෙරෙහි මට සම්පූර්ණ විශ්වාසයක් තිබෙනවා” දයාසිරි ජයසේකර පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website