ශ්රී ලංකා දෙමළ අරසු පක්ෂයේ මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චානක්යන් රාජමානික්කම් ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා වන යෝජනා ඇතුළත් පෞද්ගලික මන්ත්රී යෝජනාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.
චානක්යන් රාජමානික්කම් මහතා පසුගිය 05 වැනි දා පාර්ලිමේන්තුවේ පැවති සැසියේදී විශේෂ ප්රකාශයක් කරමින් මෙසේ පැවසීය
“ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (අවලංගු කිරීමේ) පනත නමින් පෞද්ගලික මන්ත්රී යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මෙයින් අවලංගු කෙරේ. මෙම පෞද්ගලික මන්ත්රී යෝජනාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ආණ්ඩු ත්රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට පොරොන්දු වී තිබෙනවා. නමුත් එම පොරොන්දුව දැන් අමතක වී තිබෙනවා. එබැවින්, ඔබ දුන් පොරොන්දුව අනුව කටයුතු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා” රාසමානික්කම් පැවසුවේය.















