නීතිපති දෙපාර්තමේන්තුවේ අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

නීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වැඩි පැරණි අපරාධ සහා යුක්තිය පසිලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරීමට නම් එහි ස්වාධීනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවට පැවසුවේය.

මෙහි දී නීත්‍යානුකූල රාමුව තුළ සැම විටම කරුණු සහගතව කටයුතු කළ යුතු අතර නීතියෙන් ලබා දී ඇති අභිමානය භාවිත කළ යුත්තේ ව්‍යවස්ථානුකූලව සහ නීතියේ ආධිපත්‍යයට අනුව බව ද ඔහු පෙන්වා දුන්නේ.

වැඩි දුරටත් කරුණු දක්වමින් විපක්ෂ නායක සජිත් මෙසේ ද පැවසුවේය, “මෙම නීතිපතිවරයාගේ ස්වාධීනත්වයේ පාරිශුද්ධත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ආරක්ෂා කර තිබිය යුතු යි. එසේම නීතිපතිවරයාට අනිසි බලපෑම්වලින් තොරව නිවැරදිව ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දිය යුතුයි. එසේම විවිධ වෙබ් අඩවි හරහා නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා සම්බන්ධ කරමින් සිදු කරන ලබන අසත්‍ය ප්‍රචාර හෙළා දැකිය යුතුයි” විපක්ෂ නායක සජිත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website