බාල ගල්අඟුරු ආනයනය කිරීම: ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සැලසුම කුමක් ද ?

විදුලිබල නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රජයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව සමි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඔහ පැවසුවේ ටෙන්ඩර් ක්‍රියාවලියේ කිසිදු දෝෂයක් නොමැති බව රජය ප්‍රකාශ කළ ද, විපක්ෂය ප්‍රධාන අඩුපාඩු තුනක් හඳුනාගෙන ඇති බවයි.

“අපි මේ ටෙන්ඩරයේ ප්‍රධාන අඩුපාඩු තුනක් හඳුනා ගෙන තිබෙනවා, පළමුව, වසර ගණනාවක් තිස්සේ අනුගමනය කරන ලද සුපුරුදු කාල සීමාව තුළ ටෙන්ඩරය කැඳවනු නොලැබිම, දෙවනුව සුදුසුකම් ලැබීමේ කොන්දේසි වත්මන් පරිපාලනය විසින් ලිහිල් කර ඇති අතර අද්දැකීම් අඩු සමාගම්වලට ලංසු ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දී තිබෙනවා තෙවනුව, මෙම අංශයට අලුතින් සම්බන්ධ වූ සහ අත්දැකීම් නොමැති ඉන්දියානු සමාගම් කිහිපයකට ටෙන්ඩර් ක්‍රියාවලියට සහභාගී වීමට අවසර දී තිබෙනවා. මේ තත්ත්වය තුළ පවා රජය ඔවුන්ගේ පැත්තෙන් සිදුවන ඕනෑම අසාර්ථකත්වයක් ප්‍රතික්ෂේප කර සම්පූර්ණයෙන්ම වගකීම සැපයුම්කරු මත පටවා තිබෙනවා. නමුත් ආණ්ඩුව කළ යුත්තේ එය නොවෙයි. මේ කාරණයේදී ආණ්ඩුව තමන්ගේම භූමිකාව ද පිළිගත යුතුයි. සැපයුම්කරුට දඩයක් පනවන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළත්, එන්ජින් සහ යන්ත්‍රෝපකරණවලට සිදුවන හානිය ආපසු හැරවිය හැකිද? සැපයුම්කරුට දඩයක් ගෙවා පැන යන්න පුළුවන්. නමුත් ජනතාවට වසර ගණනාවක් ඉහළ විදුලි ගාස්තු ගෙවීමට සිදු වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගයට එරෙහිව දැඩි පියවර  ගත යුතු බව විපක්ෂය විශ්වාස කරනවා.” තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website