පසුගිය අප්‍රේල් 02 වන දින රාත්‍රී කාලයේ අනුරාධපුර බස් නැවතුම්පලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුගේ රන් භාණ්ඩ සොරාගත් සැකකරුවෙකු අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 17 වන දින සවස පණ්ඩුලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අනාවරණය වූ තොරතුරු අනුව මෙම සැකකරු අදාළ කාන්තාවන් තිදෙනා සමඟ බස් නැවතුම්පලේදී හිතවත්කමක් ඇතිකරගෙන ඇති අතර බස් රථයේදී ඔවුනට යම් කෙටි ආහාරයක් හා පානයක් දී ඇත. එමගින් මඳ දුරක් ගිය පසු කාන්තාවන් තිදෙනා සිහි මඳ තත්වයට පත්වීමෙන් රන් භාණ්ඩ සොරකම සිදුකර ඇත.
සොරකම්කළ රු 1,706,400/= (දාහත් ලක්ෂ හයදහස් හාරසියයක්) පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩද විමර්ශන නිලධාරීන් විසින් මේ වන විට සොයාගෙන තිබේ.
සැකකරු අවුරුදු 54 ක් වන සාලියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.













