බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ අධිවේගී දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් මිය ගිය බව අහංගම පොලිසිය පවසයි.
අද (19) උදෑසන කබලාන දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවිය. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාව විදුලි ස්කූටරයක ගමන් කරමින් සිටි බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මකව පැවති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.













