අප්‍රේල් 12 වන දින සිට වාර්තා වූ දියේ ගිලීමේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.
සෙනසුරාදා මිහින්තලේ පොලිස් බල ප්‍රදේශයේ මරදන්කුලම වැවේ ගිලී මරදන් කුලම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මරණයට පත් පුද්ගලයා තම පුතා, මිතුරෙකු සහ දරුවන් දෙදෙනෙකු සමඟ වැවට ගොස් ඇත. අවුරුදු 11 සහ 12 වියේ පසු වන දරුවන් දෙදෙනා දියේ ගිලෙමින් සිටිනු දැකීමෙන් පසු එම පුද්ගලයා ජලයට පැන ඇති අතර ඔවුන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී ඇති බව පොලිසිය පවසයි. දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇත.
මේ අතර දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ සීතාවක ගඟේ දියේ ගිලී ලුණුගල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇත.













