බස් මගීන්ට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම් දීමක්

ප්‍රවේශපත්‍ර වලට නියමිත මුදලට වඩා අය කරන හෝ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බස් රථ පිළිබඳව වාර්තා කරන ලෙස ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මගීන්ගෙන් ඉල්ලීමක් කළේය.

පොලිස් ස්ථානවලට හෝ 1955 ක්ෂණික ඇමතුම් අංකය හරහා පැමිණිලි කළ හැකි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මගීන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ප්‍රවාහන කොමිෂම වෙත සෘජුවම සිදුවීම් වාර්තා කළ හැකි බව කී මිරැන්ඩා මහතා අප්‍රේල් 21 වන දින දක්වා පැය 24 පුරාම පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website