අලුත් අවුරුදු සමය තුළ මාර්ග අනතුරු සහ දියේ ගිලීම්වලින් මරණ 80ක්

පසුගිය අප්‍රේල් 10-18 දක්වා කාලය තුළ මාර්ග අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු සමයේදී මාර්ග අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම කාලය තුළ දියේ ගිලීම් ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු සහ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බවත්, අප්‍රේල් 10 සිට 13 දක්වා කාලය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් පොලිසිය තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website