ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
පිළියන්දල පිහිටි ඔහුගේ නිවසේ තිබී T-56 උණ්ඩ 221 ක්, T-56 මැගසින් දෙකක් සහ අත් බෝම්බයක් ඇතුළු පතොරම් තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මන්ත්‍රීවරයාට අයත් වගා ඉඩමක් සඳහා නිකුත් කරන ලද බෝර 12 ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබීය.
















