ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.
මේ හමුව සම්බන්ධයෙන් සිය facebook ගිනුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළේය. “සිය පළමු ද්විපාර්ශ්වික සංචාරයේ නිරත ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු. වෙළඳාම පුළුල් කිරීම, ආර්ථික සබඳතා ව්‍යාප්ත කිරීම සහ අප දෙරටටම ප්‍රතිලාභ ලබා දිය හැකි ප්‍රායෝගික අවස්ථා විවෘත කිරීම පිළිබඳව ඵලදායී සාකච්ඡාවන්හි නිරත වූයෙමු. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අසල්වැසියන් පමණක් නොව, හවුල් ඉතිහාසයක්, පොදු අභියෝග සහ පොදු අනාගතයක්ද සහිත සැබෑ හවුල්කරුවන්ද වේ. සියලුම පුරවැසියන් සඳහා මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වැඩි අභිලාෂයක්, අභිප්‍රායයක් සහ විශ්වාසයක් සහිතව ගමන් කළ යුතු කාලය එළැඹ තිබේ”.
















