බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රතිචාර දක්වයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයේ සඳහන් වන්නේ, අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම සාමාන්‍යයෙන් වගකීම භාර ගැනීමක් ලෙස සලකනු ලබන නමුත්, එය ජනාධිපති කොමිසමක ක්‍රියාදාමයන්ට බලපාන්නේ නැති බවයි.

ගල් අඟුරු කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගම ඒ අවස්ථාවේ ලියාපදිංචි කර නොමැති බවට ද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළ අතර, එම තීරණය සඳහා රජය සාමූහික වගකීම දැරිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website