ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සඳහා හෙට (19) ශ්‍රී ලංකාවට

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සංචාරය අතරතුර, උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවන වැඩසටහන් කිහිපයකට ද ඔහු සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සඳහා ක්‍රියාත්මක පුනරුත්ථාපන ව්‍යාපෘති මෙන්ම ඉන්දීය රජයේ සහාය යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි උප ජනාධිපතිවරයා තවදුරටත් අවධානය යොමු කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website