එක්සත් ජනපදය සහ ඉරානය අතර නව න්‍යෂ්ටික සාකච්ඡා වටයක් සඳුදා පකිස්ථාන අගනුවරදී පැවැත්වීමට නියමිත බව පාකිස්ථාන මාධ්‍ය පවසයි.
දෙපාර්ශ්වයේම සාකච්ඡාකරුවන් හෙට (19) ඉස්ලාමාබාද් වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව CNN වාර්තා කරයි.
ඇමරිකා එක්සත් ජනපදය හෝ ඉරානය මෙම වාර්තාව සනාථ කරමින් ප්‍රකාශයක් නිකුත් නොකළ නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පැවසුවේ සති අන්තයේ සාකච්ඡා පැවැත්විය හැකි බවයි.
පසුගිය සති අන්තයේ පැවති පෙර සාකච්ඡා වටයක් එකඟතාවයකින් තොරව අවසන් විය. පාකිස්තානය මැදිහත් වූ සති දෙකක සටන් විරාමය ලබන සතියේ මුලදී කල් ඉකුත් වීමට නියමිතය.













