නෙළුව-මොරවක මාර්ගයේ අද (20) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව නෙළුව පොලිසිය පවසයි.
පෙ.ව. 8:10 ට පමණ ප්‍රතිවිරුද්ධ දිශාවලට ධාවනය වූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
තුවාල ලැබූ තිදෙනාම මුලින් නෙළුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහලට මාරු කර යවා ඇත.
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ හිසට සහ පාදවලට තුවාල සිදුවී ඇති අතර, තුන්වන පුද්ගලයාගේ අභ්‍යන්තර තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි.
















