ඇවන්ගාඩ් යතුරුපැදි පරිත්‍යාග කිරීමේ ප්‍රකාශ පොලිසිය ප්‍රතික්ෂේප කරයි

“විශේෂ කාර්ය බළකායට ඇවෙන්ට් සිග්නේචර් බිල්ඩ්ස් ආයතනය වෙතින් යතුරුපැදි ලැබෙන බවට පළවන පුවත සම්බන්ධව”

ඇවෙන්ට් සිග්නේචර් බිල්ඩ්ස් ආයතනය විසින් විශේෂ කාර්ය බලකාය වෙත යතුරුපැදි 50ක් නොමිලේ ලබාදීමට කැමැත්ත පළ කරමින් විශේෂ කාර්ය බලකාය වෙත ඊමේල් පඩිවිඩයක් එවා තිබෙන නමුත් මෙම ආයතනය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු කිහිපයක්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කර ඇති බැවින් එවැනි සමාගමක් සමග ගිවිසුම් ගත විමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු නොකරන බවට අවධාරණය කරයි.

තවද එවැනි පරිත්‍යාගයක් සිදුකිරිමේදී නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය හරහා ඉල්ලිමක් කර ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදිය යුතු අතර, මෙතෙක් එවැනි ආකාරයේ ඉල්ලිමක් කර නොමැති බවද දන්වා සිටියි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල යතුරුපැදි ලබා දී ඇති බවටද පලවන පුවත් අසත්‍ය බවටද අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website